ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් සම්බන්ධයෙන් අතර මඟ නතර වූ විමර්ශන යළි අරඹන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මධ්‍ය මහා විද්‍යාලයක් සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක් කර ඇති බවත්, එක් විගණන විමසුමක අක්‍රමිකතා රැසක් අනාවරණය වන බවත්, එලෙස තිබිය දී තවමත් කිසිදු පියවරක් ගෙන නැති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පළාත් අධ්‍යාපන ලේකම්ට දැනුම් දුන්නේය.
ගම්පහ තවත් ප්‍රාථමික පාසලක එක ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ දී සිදුවීයැයි කියන අක්‍රමිකත රැසක් ගැන පැමිණිලි කළත් පළක් වී නැතැයි ද, විවිධ හේතු කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කර ඇති බව ද ඔහු කිවේය.
එම පාසල සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවත්, අවස්ථා කිහිපයක දීම මුදල් එකතු නොකරන ලෙස විදුහල්පති දැනුම් දුන් බවත් ස්ටාලින් මහතා පැවසීය.
මේ අතර ගම්පහ තවත් පාසලක ඩෙස්පුටුවල තීන්ත ගෑමට යැයි කියමින් බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙස දැන්වූ සිද්ධියක් ගැන ද ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කළේය.

